Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #54 Translated in Sinhalese

وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු දැඩි කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෝය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෙමු.
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ
ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ
ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.
وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنْتُمْ تُبْصِرُونَ
තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම අශීලාචාර දෑ වෙත පැමිණෙන්නෙහු දැ?යි විමසූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: