Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #53 Translated in Sinhalese

قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ
නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ විනාශ කර දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු. නියත වශයෙන්ම අපි සත්යාවාදීහු වෙමු යැයි ඔහුගේ භාරකාර අයට පවසන්නෙමු යැයි අල්ලාහ් මත දිවුරා ඔවුහු පැවසුවෝය.
وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු දැඩි කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෝය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෙමු.
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ
ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ
ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.
وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.

Choose other languages: