Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #51 Translated in Sinhalese

قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَنْ مَعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِنْدَ اللَّهِ ۖ بَلْ أَنْتُمْ قَوْمٌ تُفْتَنُونَ
නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් අබියස ඇත. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය.
وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ
තවද මහපොළොවේ කලහකම් කරන එමෙන්ම විධිමත් නොකරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය.
قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ
නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ විනාශ කර දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු. නියත වශයෙන්ම අපි සත්යාවාදීහු වෙමු යැයි ඔහුගේ භාරකාර අයට පවසන්නෙමු යැයි අල්ලාහ් මත දිවුරා ඔවුහු පැවසුවෝය.
وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු දැඩි කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෝය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෙමු.
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ
ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.

Choose other languages: