Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #114 Translated in Sinhalese

فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنْسَوْكُمْ ذِكْرِي وَكُنْتُمْ مِنْهُمْ تَضْحَكُونَ
එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කරවන තෙක් නුඹලා ඔවුන් සරදමට ගත්තෙහුය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය.
إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ
(නුඹලාගේ සරදම් නොතකා) ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන්ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන්ම ඔවුහුමය ජයග්රාහකයෝ
قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ
නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? යැයි ඔහු විමසනු ඇත.
قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ
දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති.
قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ
නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය.

Choose other languages: