Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #117 Translated in Sinhalese

قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ
දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති.
قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ
නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය.
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
නියත වශයෙන්ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ
එහෙයින් සත්ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.
وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ
තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇත.

Choose other languages: