Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #9 Translated in Sinhalese

5:5
الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ ۖ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
අද දින පිවිතුරු දෑ නුඹලාට අනුමත කරන ලදී. තවද ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමතය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමතය. දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නොගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතරිනි.
5:6
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ ۚ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا ۚ وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් මැණික් කටුව දක්වා ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු. නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් හෝ ඉන්පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි. නමුත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි.
5:7
وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُمْ بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද සිහිපත් කරනු. එවිට 'අපි සවන් දුනිමු. අවනත වූයෙමු' යැයි නුඹලා පැවසුවෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්වඥානීය.
5:8
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය.
5:9
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۙ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් හට සමාව ද මහත් වූ ප්‍රතිඵල ද ඇතැයි අල්ලාහ් පොරොන්දු විය.

Choose other languages: