Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #56 Translated in Sinhalese

فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰ أَنْ تُصِيبَنَا دَائِرَةٌ ۚ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَىٰ مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ
තම හදවත් වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) "අපට අර්බුද හට ගනු ඇතැයි අපි බියවීමු" යැයි පවසති. අල්ලාහ් ජයග්‍රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙන්නට පුළුවන. එවිට ඔවුන්ගේ සිත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති.
وَيَقُولُ الَّذِينَ آمَنُوا أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُوا خَاسِرِينَ
සැබැවින්ම ඔවුන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි දේවත්වය විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එබැවින් ඔවුහු අලාභවන්තයින් බවට පත් වූහ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන් ව ප්‍රිය කරන ඔවුහු ද ඔහු ව ප්‍රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් හට නිහතමානී වෙති. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩි ව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නොවෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය; සර්වඥානීය.
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
සැබැවින්ම නුඹලාගේ භාරකරු වන්නේ අල්ලාහ් ,ඔහුගේ ධර්ම දූතයාණන් හා (අල්ලාහ්ගේ නියෝගයන්ට) යටහත් වන්නන් ලෙස සලාතය විධිමත් ව ඉටු කර zසකාත් පිරිනමන දේවත්වය විශ්වාස කළවුන් වෙති.
وَمَنْ يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ
තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින්ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහුමය ජයග්‍රහකයෝ.

Choose other languages: