Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #59 Translated in Sinhalese

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
සැබැවින්ම නුඹලාගේ භාරකරු වන්නේ අල්ලාහ් ,ඔහුගේ ධර්ම දූතයාණන් හා (අල්ලාහ්ගේ නියෝගයන්ට) යටහත් වන්නන් ලෙස සලාතය විධිමත් ව ඉටු කර zසකාත් පිරිනමන දේවත්වය විශ්වාස කළවුන් වෙති.
وَمَنْ يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ
තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින්ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහුමය ජයග්‍රහකයෝ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الَّذِينَ اتَّخَذُوا دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاءَ ۚ وَاتَّقُوا اللَّهَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව හා හා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව නුඹලා භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ
නුඹලා සලාතය වෙත කැඳවන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගත්තෝය. එය සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් වන බැවිනි.
قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنْقِمُونَ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ مِنْ قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
ධර්ම ග්‍රන්ථ හිමියනි! අල්ලාහ් ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, මීට පෙර පහළ කරනු ලැබූ දෑ ද, අප විශ්වාස කළ හේතුවෙන් මිස වෙන කවර කරුණක් හේතුවෙන් නුඹලා අපෙන් පළිගන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ අසනු. තවද සැබැවින්ම නුඹලාගෙන් වැඩිදෙනා දුෂ්ඨයෝය.

Choose other languages: