Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #44 Translated in Sinhalese

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَغْفِرُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِنْ بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِنْ لَمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَنْ يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَنْ تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَنْ يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබු‍වේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.
سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ ۚ فَإِنْ جَاءُوكَ فَاحْكُمْ بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِنْ تُعْرِضْ عَنْهُمْ فَلَنْ يَضُرُّوكَ شَيْئًا ۖ وَإِنْ حَكَمْتَ فَاحْكُمْ بَيْنَهُمْ بِالْقِسْطِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නෝ වෙති. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නෝ වෙති. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන් ව නුඹ නොසලකා හරිනු. එසේ නුඹ ඔවුන් ව නොසලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින්ම අල්ලාහ් සාධාරණ ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِنْدَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ
ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුන් පිටුපාමින් සිටියදී නුඹ ව තීරක වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද?.ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
إِنَّا أَنْزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِنْ كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ ۚ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේම ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමගින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් සඳහා අල්ප මිලක් නොගනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ.

Choose other languages: