Surah Al-Maeda Ayahs #45 Translated in Sinhalese
يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِنْ بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِنْ لَمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَنْ يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَنْ تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَنْ يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.
سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ ۚ فَإِنْ جَاءُوكَ فَاحْكُمْ بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِنْ تُعْرِضْ عَنْهُمْ فَلَنْ يَضُرُّوكَ شَيْئًا ۖ وَإِنْ حَكَمْتَ فَاحْكُمْ بَيْنَهُمْ بِالْقِسْطِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නෝ වෙති. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නෝ වෙති. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන් ව නුඹ නොසලකා හරිනු. එසේ නුඹ ඔවුන් ව නොසලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින්ම අල්ලාහ් සාධාරණ ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِنْدَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ
ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුන් පිටුපාමින් සිටියදී නුඹ ව තීරක වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද?.ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
إِنَّا أَنْزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِنْ كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ ۚ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේම ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමගින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් සඳහා අල්ප මිලක් නොගනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ.
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنْفَ بِالْأَنْفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ ۚ فَمَنْ تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَهُ ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
සැබැවින් ම පණට පණ, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාල වලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. නමුත් කවරෙකු හෝ එය පුණ්‍ය කර්මයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. තවද අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
