Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #65 Translated in Sinhalese

فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا
ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේය.
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًا
පසු ව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත් ව ඇත්තෙමු’ යැයි පැවසීය.
قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا
එම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතකද? එවිට සැබැවින්ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මා හට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නොවේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසීය..
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا
අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝය.
فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا
එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණෝය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.

Choose other languages: