Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #68 Translated in Sinhalese

قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا
අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝය.
فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا
එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණෝය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
قَالَ لَهُ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰ أَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا
යහ මගින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබ ව අනුගමනය කරන්නදැයි මූසා ඔහුගෙන් විමසුවේය.
قَالَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا
නියත වශයෙන් මා සමගින් ඉවසා සිටීමට ඔබ හැකියාව නොදරන්නෙහිම යැයි ඔහු පැවසුවේය.
وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද?

Choose other languages: