Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #74 Translated in Sinhalese

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِيلًا
තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු.
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ ۖ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَٰئِكَ يَقْرَءُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا
සෑම ජන සමූහයක්ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමග අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. තවද කීතුවක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නොලබති.
وَمَنْ كَانَ فِي هَٰذِهِ أَعْمَىٰ فَهُوَ فِي الْآخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا
තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.
وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ ۖ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًا
තවද අපි නුඹ වෙත දන්වා සිටි දේ හැර දමා, නුඹ අපට එරෙහිව ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසන මෙන් (පොළඹවා) ඔවුන් නුඹව වෙනතකට යොමු කිරීමට තැත් කළෝය. (නුඹ එසේ කළේ නම්) එවිට නුඹ ව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.
وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا
තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.

Choose other languages: