Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #75 Translated in Sinhalese

يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ ۖ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَٰئِكَ يَقْرَءُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا
සෑම ජන සමූහයක්ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමග අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. තවද කීතුවක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නොලබති.
وَمَنْ كَانَ فِي هَٰذِهِ أَعْمَىٰ فَهُوَ فِي الْآخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا
තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.
وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ ۖ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًا
තවද අපි නුඹ වෙත දන්වා සිටි දේ හැර දමා, නුඹ අපට එරෙහිව ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසන මෙන් (පොළඹවා) ඔවුන් නුඹව වෙනතකට යොමු කිරීමට තැත් කළෝය. (නුඹ එසේ කළේ නම්) එවිට නුඹ ව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.
وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا
තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.
إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا
එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත.

Choose other languages: