Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #69 Translated in Sinhalese

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا
නියත වශයෙන්ම මාගේ (යහපත්) ගැත්තන් වනාහි, ඔවුනට එරෙහි ව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත්ය.
رَبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ ۚ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا
නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. නියත වශයෙන්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.
وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ إِلَّا إِيَّاهُ ۖ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ الْإِنْسَانُ كَفُورًا
තවද නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුවා වී යනු ඇත. ඔහු නුඹලා ව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහුය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.
أَفَأَمِنْتُمْ أَنْ يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا
ඔහු නුඹලා ව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත ගල් වරුසාවක් යැවීමෙන් හෝ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? (එසේ සිදුවුවහොත්) පසු ව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නොදකිනු ඇත.
أَمْ أَمِنْتُمْ أَنْ يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِنَ الرِّيحِ فَيُغْرِقَكُمْ بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا
එසේ නැතහොත් නුඹලා ව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා ව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? (එසේ සිදුවුවහොත්) පසු ව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නොදකිනු ඇත.

Choose other languages: