Quran Apps in many lanuages:

Surah Al-Hadid Ayahs #12 Translated in Sinhalese

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
තවද නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලා ව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී නුඹලා අල්ලාහ් ව විශ්වාස නොකිරීමට නුඹලාට කුමක් වීද? ඔහු නුඹලාගෙන් (මීට පෙර) ප්‍රතිඥා ගෙන ඇත. නුඹලා දේවත්වය විශ්වාස කරන්නවුන් නම් (එය අමතක නොකළ යුතුයි.)
هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَحِيمٌ
ඔහු වනාහි නුඹලා ව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්තය. මහා කාරුණිකය.
وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَٰئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වීද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමිය. ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඔවුනට පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් පිරිනමන්නේ ද එවිට ඔහු එය ඔහුට ගුණ කර දෙනු ඇත. තවද ගෞරවණී ය කුලියක් ද ඔහුට ඇත.
يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُمْ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
එදින ඔවුන්ගේ ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් නුඹ දකිනු ඇත. “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් එදින නුඹලා සතු ශුභාරංචියයි. එහි සදාතනිකයින්ය. අතිමහත් ජයග්‍රහණය එයමය.”

Choose other languages: