Surah Al-Hadid Ayahs #13 Translated in Sinhalese
هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَحِيمٌ
ඔහු වනාහි නුඹලා ව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්තය. මහා කාරුණිකය.
وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَٰئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වීද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමිය. ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඔවුනට පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් පිරිනමන්නේ ද එවිට ඔහු එය ඔහුට ගුණ කර දෙනු ඇත. තවද ගෞරවණී ය කුලියක් ද ඔහුට ඇත.
يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُمْ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
එදින ඔවුන්ගේ ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් නුඹ දකිනු ඇත. “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් එදින නුඹලා සතු ශුභාරංචියයි. එහි සදාතනිකයින්ය. අතිමහත් ජයග්‍රහණය එයමය.”
يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انْظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ
එදින කුහක පිරිමින් හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අප ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
