Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #26 Translated in Sinhalese

يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا
මලක්වරුන්ව ඔවුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا
තවද ක්රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු.
أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا
(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්රේෂ්ඨයෝ වෙති. තවද (මධ්යහ්න) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.
وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنْزِيلًا
තවද එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا
එදින සැබෑ ආධිපත්යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය.

Choose other languages: