Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #29 Translated in Sinhalese

وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنْزِيلًا
තවද එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا
එදින සැබෑ ආධිපත්යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය.
وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි.
يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا
අහෝ මාගේ විනාශය! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද?
لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا
මෙනෙහි කිරීම (අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියකු විය.

Choose other languages: