Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #31 Translated in Sinhalese

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි.
يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا
අහෝ මාගේ විනාශය! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද?
لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا
මෙනෙහි කිරීම (අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියකු විය.
وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا
තවද අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මෙම අල් කුර්ආනය පිටුදකිනු ලබන්නක් ලෙස ගත්තෝය යැයි රසූල්වරයා පැවසීය.
وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِنَ الْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا
තවද එලෙස අපි සෑම නබිවරයෙකුටම අපරාධකරුවන් අතරින් සතුරෙකු පත් කළෙමු. තවද යහ මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් විය.

Choose other languages: