Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #14 Translated in Sinhalese

تَبَارَكَ الَّذِي إِنْ شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِنْ ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَلْ لَكَ قُصُورًا
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි.
بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا
නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.
إِذَا رَأَتْهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති.
وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا
තවද ඔවුන් විලංගු දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.
لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا
අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු. (යැයි ඔවුනට පවසනු ලැබේ.)

Choose other languages: