Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #16 Translated in Sinhalese

إِذَا رَأَتْهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති.
وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا
තවද ඔවුන් විලංගු දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.
لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا
අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු. (යැයි ඔවුනට පවසනු ලැබේ.)
قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًا
එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය උතුම් ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා අවසානයේ යොමු වන ස්ථානයක් විය යැයි (නබිවරය!) නුඹ පවසනු!
لَهُمْ فِيهَا مَا يَشَاءُونَ خَالِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَسْئُولًا
ඔවුනට එහි ඔවුන් අභිමත කරන දෑ ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. මෙය නුඹගේ පරමාධිපති වෙතින් ඉටු කරනු ලබන ප්‍රතිඥාවක් විය.

Choose other languages: