Surah Al-Baqara Ayahs #214 Translated in Sinhalese
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ وَقُضِيَ الْأَمْرُ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද ඔවුන් වෙත පැමිණ කටයුත්ත තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُمْ مِنْ آيَةٍ بَيِّنَةٍ ۗ وَمَنْ يُبَدِّلْ نِعْمَةَ اللَّهِ مِنْ بَعْدِ مَا جَاءَتْهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
කෙතරම් පැහැදිලි සාධක අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු දැයි ඉස්රාඊල් දරුවන්ගෙන් (නබිවරය) නුඹ විමසනු. තමන් වෙත අල්ලාහ්ගේ ආශිර්වාදය පැමිණි පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا ۘ وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
ප්‍රතික්ෂේප කළවුනට මෙලොව ජීවිතය අලංකාර කරනු ලැබීය. ඔවුහු විශ්වාස කළවුන්ට අපහාස කරති. තවද දේව බිය හැඟීම් ඇති කර ගත් අය වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුනට ඉහළින් සිටිති. තමන් අභිමත කරන අයට අල්ලාහ් ගණනයකින් තොරව පෝෂණය කරන්නේය.
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْذِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ ۖ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ ۗ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ජනයා එකම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ සත්‍යයෙන් යුත් දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර ගත්තේ නැත. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ වෙත මඟ පෙන්වන්නේය.
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ ۖ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ
නුඹලාට පෙර ඉකුත් ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නොපැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්න ට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන් ව ග්‍රහණය කළේය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ් ගේ ජයග්‍රහණය කවදා දැයි අසන තරමට ම ඔවුහු කම්පනය ට පත් කරනු ලැබූහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
