Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #217 Translated in Sinhalese

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْذِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ ۖ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ ۗ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ජනයා එකම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ සත්‍යයෙන් යුත් දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර ගත්තේ නැත. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ වෙත මඟ පෙන්වන්නේය.
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ ۖ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ
නුඹලාට පෙර ඉකුත් ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නොපැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්න ට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන් ව ග්‍රහණය කළේය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ් ගේ ජයග්‍රහණය කවදා දැයි අසන තරමට ම ඔවුහු කම්පනය ට පත් කරනු ලැබූහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.
يَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ ۖ قُلْ مَا أَنْفَقْتُمْ مِنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ඔවුහු නුඹගෙන් විමසති. යහපත් දැයින් නුඹලා වියදම් කළ යුත්තේ දෙමාපියන්, ඥාතීන්, අනාථයින්, දුප්පතුන් සහ මගියන්ට වේ යැයි නුඹ පවසනු. තවද නුඹලා සිදු කරන යම් යහපත් දැයක් වුව ද ඒ ගැන සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය.
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැක. නමුත් එය නුඹලාට යහපතක් විය හැකිය. නුඹලා යමක් ප්‍රිය කළ හැක. නමුත් එය නුඹලාට හානිදායක විය හැකිය. අල්ලාහ් (සියල්ල) දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ ۖ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ ۖ وَصَدٌّ عَنْ سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِنْدَ اللَّهِ ۚ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَنْ دِينِكُمْ إِنِ اسْتَطَاعُوا ۚ وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස අති මහත් පාපයකි බව පවසන්න. තවද කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලා ව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝ මය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

Choose other languages: