Surah Al-Baqara Ayahs #133 Translated in Sinhalese
رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
“අප ගේ පරමාධිපතියාණෙනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන, ඔවුන් ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)
وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَنْ سَفِهَ نَفْسَهُ ۚ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්‍රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතර සිටින්නේය.
إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ
ඔහු ගේ පරමාධිපති “නුඹ අවනත වනු“ යැයි ඔහු ට පැවසූ අවස්ථා ව සිහිපත් කරනු. “මම ලෝ වැසියන් ගේ පරමාධිපති ට අවනත වූයෙමි” යැයි ඔහු පැවසීය.
وَوَصَّىٰ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَىٰ لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ
මෙය ම ඉබ්‍රාහීම් තම පුතුන් ට ද, (එසේම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝමාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලා ට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණය ට පත් නොවනු.”
أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ
නැතහොත් යඃකූබ් ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසු ව නුඹලා නමදිනුයේ කුමක් දැ” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබ ගේ දෙවියා වූ ද ඔබ ගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක් ගේ දෙවියා වූ ද එකම දෙවියා ව අපි නමදිමු. තව ද අපි ඔහු ට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
