Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #135 Translated in Sinhalese

إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ
ඔහු ගේ පරමාධිපති “නුඹ අවනත වනු“ යැයි ඔහු ට පැවසූ අවස්ථා ව සිහිපත් කරනු. “මම ලෝ වැසියන් ගේ පරමාධිපති ට අවනත වූයෙමි” යැයි ඔහු පැවසීය.
وَوَصَّىٰ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَىٰ لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ
මෙය ම ඉබ්‍රාහීම් තම පුතුන් ට ද, (එසේම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝමාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලා ට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණය ට පත් නොවනු.”
أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ
නැතහොත් යඃකූබ් ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසු ව නුඹලා නමදිනුයේ කුමක් දැ” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබ ගේ දෙවියා වූ ද ඔබ ගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක් ගේ දෙවියා වූ ද එකම දෙවියා ව අපි නමදිමු. තව ද අපි ඔහු ට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහුය.
وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَىٰ تَهْتَدُوا ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ“යි ඔවුහු ( යුදෙව්වන් හා කිතුනුවන්) තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්‍රාහීම් ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය” යැයි පවසනු.

Choose other languages: