Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #136 Translated in Sinhalese

وَوَصَّىٰ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَىٰ لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ
මෙය ම ඉබ්‍රාහීම් තම පුතුන් ට ද, (එසේම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝමාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලා ට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණය ට පත් නොවනු.”
أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ
නැතහොත් යඃකූබ් ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසු ව නුඹලා නමදිනුයේ කුමක් දැ” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබ ගේ දෙවියා වූ ද ඔබ ගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක් ගේ දෙවියා වූ ද එකම දෙවියා ව අපි නමදිමු. තව ද අපි ඔහු ට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහුය.
وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَىٰ تَهْتَدُوا ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ“යි ඔවුහු ( යුදෙව්වන් හා කිතුනුවන්) තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්‍රාහීම් ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය” යැයි පවසනු.
قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.

Choose other languages: