Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #16 Translated in Sinhalese

أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ
අවධානය ට ගනු. සැබැවින් ම ඔවුන් ම ය දූෂිතයින් වන්නේ. නමුත් ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَٰكِنْ لَا يَعْلَمُونَ
තව ද "(දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු" යැයි ඔවුන ට කියනු ලැබූ කල්හි "අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ? " යි විමසති. අවධානය ට ගනු. සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. නමුත් ඔවුහු (ඒ බව) නොදනිති.
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ
තවද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන්ගේ ෂෙයිතානුන් (ප්‍රධානීන්) සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය, නිසකව ම අපි (විශ්වාස කළවුන් සමඟ) සමච්චල් කරන්නෝ වෙමු" යැයි පැවසුවෝය.
اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
අල්ලාහ් ඔවුන් ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන් ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත.
أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.

Choose other languages: