Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #93 Translated in Sinhalese

قَدِ افْتَرَيْنَا عَلَى اللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِي مِلَّتِكُمْ بَعْدَ إِذْ نَجَّانَا اللَّهُ مِنْهَا ۚ وَمَا يَكُونُ لَنَا أَنْ نَعُودَ فِيهَا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّنَا ۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيْءٍ عِلْمًا ۚ عَلَى اللَّهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنْتَ خَيْرُ الْفَاتِحِينَ
නුඹලාගේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අප නැවත හැරුණේ නම් සැබැවින්ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාමක් නොවන්නේය. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ව්‍යාප්තය. අපි අල්ලාහ් වෙතම භාර කරමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර ද අපගේ සමූහයා අතර ද සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු මැනව! තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. (යැයි ෂුඅයිබ් පැවසීය.)
وَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ لَئِنِ اتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ
‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ.
الَّذِينَ كَذَّبُوا شُعَيْبًا كَأَنْ لَمْ يَغْنَوْا فِيهَا ۚ الَّذِينَ كَذَّبُوا شُعَيْبًا كَانُوا هُمُ الْخَاسِرِينَ
ෂුඅයිබ් ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නොකළාක් මෙන් වූහ. ෂුඅයිබ් ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින්ම වූහ.
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَاتِ رَبِّي وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ آسَىٰ عَلَىٰ قَوْمٍ كَافِرِينَ
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී, ‘මාගේ සමූහයනි! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දී ඇත්තෙමි. තවද මම නුඹලාට උපදෙස් දී ඇත්තෙමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ?යි පවසා සිටියහ.

Choose other languages: