Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #94 Translated in Sinhalese

وَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ لَئِنِ اتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ
‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ.
الَّذِينَ كَذَّبُوا شُعَيْبًا كَأَنْ لَمْ يَغْنَوْا فِيهَا ۚ الَّذِينَ كَذَّبُوا شُعَيْبًا كَانُوا هُمُ الْخَاسِرِينَ
ෂුඅයිබ් ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නොකළාක් මෙන් වූහ. ෂුඅයිබ් ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින්ම වූහ.
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَاتِ رَبِّي وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ آسَىٰ عَلَىٰ قَوْمٍ كَافِرِينَ
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී, ‘මාගේ සමූහයනි! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දී ඇත්තෙමි. තවද මම නුඹලාට උපදෙස් දී ඇත්තෙමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ?යි පවසා සිටියහ.
وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِنْ نَبِيٍّ إِلَّا أَخَذْنَا أَهْلَهَا بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ
කවර දේශයකට හෝ එහි වැසියන් අවනත විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්‍රහණය කළා මිස කිසිදු නබිවරයකු අප එව්වේ නැත.

Choose other languages: