Surah Al-Araf Ayahs #57 Translated in Sinhalese
هَلْ يَنْظُرُونَ إِلَّا تَأْوِيلَهُ ۚ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِنْ قَبْلُ قَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ فَهَلْ لَنَا مِنْ شُفَعَاءَ فَيَشْفَعُوا لَنَا أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوا أَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
මොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේය.
إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ
නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපති ව අයදිනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ප්‍රිය නොකරනු ඇත.
وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ
තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.
وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ
තවද තම දයාව අතරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට, මුඩු ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසුව අපි එමගින් ජලය පහළ කළෙමු. පසුව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. මළවුන් අප බැහැර කරනුයේ එලෙසය. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
