Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #58 Translated in Sinhalese

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ
නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපති ව අයදිනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ප්‍රිය නොකරනු ඇත.
وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ
තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.
وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ
තවද තම දයාව අතරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට, මුඩු ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසුව අපි එමගින් ජලය පහළ කළෙමු. පසුව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. මළවුන් අප බැහැර කරනුයේ එලෙසය. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ ۖ وَالَّذِي خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا ۚ كَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ لِقَوْمٍ يَشْكُرُونَ
තවද සාරවත් පොළොව වනාහි, එහි පරමාධිපතිගේ අවසරයෙන් එහි පැළෑටි හට ගැනේ. තවද නිසරු වී ගිය දෑ (පොළොව) වනාහි ස්වල්ප ඵලදාවක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය.

Choose other languages: