Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #47 Translated in Sinhalese

وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ ۖ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ ۖ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۖ وَنُودُوا أَنْ تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද "මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නොපෙන්වූයේ නම් අප යහ මඟ ලබන්නන් නොවීමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ" යැයි ඔවුන් පවසනු ඇත. එමෙන්ම "නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ" යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.
وَنَادَىٰ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّكُمْ حَقًّا ۖ قَالُوا نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَنْ لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ
අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම අපි ලබා ඇත්තෙමු. එමෙන්ම නුඹලාත් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම ලබා ඇත්තෙහු දැයි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. “එසේය” යැයි ඔවුහු පවසනු ඇත. නමුත් අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතර නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි.
الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ كَافِرُونَ
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන්ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَنْ سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ
තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුම ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසුව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තියක් ම වේවා! යැයි පවසති. නමුත් ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි ඇතුළු නොවූහ.
وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ
ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප පත් නොකරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත.

Choose other languages: