Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #49 Translated in Sinhalese

الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ كَافِرُونَ
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන්ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَنْ سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ
තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුම ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසුව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තියක් ම වේවා! යැයි පවසති. නමුත් ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි ඇතුළු නොවූහ.
وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ
ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප පත් නොකරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත.
وَنَادَىٰ أَصْحَابُ الْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُمْ بِسِيمَاهُمْ قَالُوا مَا أَغْنَىٰ عَنْكُمْ جَمْعُكُمْ وَمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ
(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියෝ මිනිසුන් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුහු ඔවුන් හඳුනා ගනිති. නුඹලාගේ පිරිස හා නුඹලා උඩඟුකම්පාමින් සිටි දෑ (අද) නුඹලාට කිසිදු ප්‍රයෝජනයක් නොදී ඇතැයි ඔවුහු පවසනු ඇත.
أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ اللَّهُ بِرَحْمَةٍ ۚ ادْخُلُوا الْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَا أَنْتُمْ تَحْزَنُونَ
අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද? නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත. තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත.

Choose other languages: