Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #107 Translated in Sinhalese

ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُوا بِهَا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
ඔවුන්ගෙන් පසුව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රභූන් පිරිස වෙත අපි මූසා ව අපගේ සංඥා සමඟ එව්වෙමු. එවිට ඔවුහු ඒවා ගැන අසාධාරණ ලෙස කටයුතු කළෝය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි (නබිවරය) නුඹ අවධානයෙන් බලනු.
وَقَالَ مُوسَىٰ يَا فِرْعَوْنُ إِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ
අහෝ ෆිර්අවුන්! නියත වශයෙන්ම මම සකල ලෝකයන්හි පරමාධිපති වෙතින් වූ දූතයකු වෙමි යැයි මූසා පැවසුවේය.
حَقِيقٌ عَلَىٰ أَنْ لَا أَقُولَ عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ قَدْ جِئْتُكُمْ بِبَيِّنَةٍ مِنْ رَبِّكُمْ فَأَرْسِلْ مَعِيَ بَنِي إِسْرَائِيلَ
අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීමට නියම වී ඇත. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් එවනු.
قَالَ إِنْ كُنْتَ جِئْتَ بِآيَةٍ فَأْتِ بِهَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ
එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.

Choose other languages: