Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #110 Translated in Sinhalese

قَالَ إِنْ كُنْتَ جِئْتَ بِآيَةٍ فَأْتِ بِهَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ
එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.
وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ
ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එසැනින් එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.
قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝය.
يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ
මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?

Choose other languages: