Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #109 Translated in Sinhalese

حَقِيقٌ عَلَىٰ أَنْ لَا أَقُولَ عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ قَدْ جِئْتُكُمْ بِبَيِّنَةٍ مِنْ رَبِّكُمْ فَأَرْسِلْ مَعِيَ بَنِي إِسْرَائِيلَ
අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීමට නියම වී ඇත. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් එවනු.
قَالَ إِنْ كُنْتَ جِئْتَ بِآيَةٍ فَأْتِ بِهَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ
එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.
وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ
ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එසැනින් එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.
قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝය.

Choose other languages: