Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #111 Translated in Sinhalese

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ
එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.
وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ
ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එසැනින් එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.
قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝය.
يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ
මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?
قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ
ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහු හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. (හූනියම් කරුවන්) එක්රැස් කරන්නන් නගර වලට යවනු.

Choose other languages: