Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #114 Translated in Sinhalese

يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ
මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?
قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ
ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහු හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. (හූනියම් කරුවන්) එක්රැස් කරන්නන් නගර වලට යවනු.
يَأْتُوكَ بِكُلِّ سَاحِرٍ عَلِيمٍ
මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත.
وَجَاءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوا إِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ
තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින්ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින්ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝය.
قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِينَ
එසේය. තවද නුඹලා (මට) සමීපතයින් අතරිනි යැයි ඔහු පැවසුවේය.

Choose other languages: