Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #32 Translated in Sinhalese

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශීලාචාරය දෑහි නිරත වන්නෙහුය. නුඹලාට පෙර මෙවැනි දෙයක් ලෝවැසියන් අතරින් කිසිවෙකු විසින් සිදු කර නැත.
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنْكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
නියත වශයෙන්ම නුඹලා සහජ මාර්ගය කපා හැර පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) පැමිණෙන්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්යවාදීන් අතරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නොවීය.
قَالَ رَبِّ انْصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ
මාගේ පරමාධිපතියණනි! කලහකාරී පිරිසට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්රාර්ථනා කළේය.
وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ
තවද අපගේ දූත වරුන් ඉබ්රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන්ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසුවෝය.
قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَنْ فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
නියත වශයෙන්ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසීය. එහි සිටින්නේ කවරෙකු දැයි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතරට පත් වූවාය.

Choose other languages: