Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #25 Translated in Sinhalese

يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَرْحَمُ مَنْ يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ
ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතටය.
وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
තවද නුඹලා මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව පරාජය කරන්නට) හැකියාව දරන්නන් නොවන්නෙහුය. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَٰئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
තවද අල්ලාහ්ගේ සංඥා හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
وَقَالَ إِنَّمَا اتَّخَذْتُمْ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا مَوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُمْ بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ نَاصِرِينَ
තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ආදරය ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.

Choose other languages: