Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #24 Translated in Sinhalese

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්‍රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු.
يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَرْحَمُ مَنْ يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ
ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතටය.
وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
තවද නුඹලා මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව පරාජය කරන්නට) හැකියාව දරන්නන් නොවන්නෙහුය. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَٰئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
තවද අල්ලාහ්ගේ සංඥා හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.

Choose other languages: