Surah Al-Ankabut Ayahs #27 Translated in Sinhalese
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَٰئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
තවද අල්ලාහ්ගේ සංඥා හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
وَقَالَ إِنَّمَا اتَّخَذْتُمْ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا مَوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُمْ بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ نَاصِرِينَ
තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ආදරය ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.
فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
තවද ලූත් ඔහු(ඉබ්රාහීම්) ව විශ්වාස කළේය. නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත නික්ම ආ කෙනෙකි. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසීය.
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
තවද අපි ඔහු (ඉබ්රාහීම්)ට ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ දූතත්වය හා ධර්ම ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ කුලිය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතරින්ය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
