Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #4 Translated in Sinhalese

اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُعْرِضُونَ
ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. නමුත් ඔවුහු (ඒ ගැන) නොසැලකිලිමත් ව පිටුදකින්නන් ලෙස සිටිති.
مَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنْ رَبِّهِمْ مُحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් හාස්යයට ලක් කරමින් එයට ඔවුහු සවන් දුන්නේමය.
لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ
ඔවුන්ගේ හදවත් නොසැලකිලිමත් ලෙසින් පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරුද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහුදැ?" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කරගත්හ.
قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්වඥානීය යැයි ඔහු (නබිවරයා) පැවසුවේය.

Choose other languages: