Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #7 Translated in Sinhalese

لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ
ඔවුන්ගේ හදවත් නොසැලකිලිමත් ලෙසින් පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරුද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහුදැ?" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කරගත්හ.
قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්වඥානීය යැයි ඔහු (නබිවරයා) පැවසුවේය.
بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ
නැත. එය සිහින වල ව්යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේය. නැත. ඔහු කවියෙකි. එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.
مَا آمَنَتْ قَبْلَهُمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَ
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නොකළේය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?
وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ
නුඹට පෙර අපි දූතයින් ලෙස පිරිමින්වම මිස එව්වේ නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.

Choose other languages: