Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #85 Translated in Sinhalese

وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُمْ بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا ۚ فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالْأَمْنِ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නොකළේ ද එවන් දෙයක් අල්ලාහ්ට ආදේශ කිරීමට නුඹලා නොබිය ව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත්වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද?
الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ
විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. තවද ඔවුහු යහමඟ ලද්දවුන් වෙති.
وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
අපගේ සාධකය එයයි. තම ජනයාට එරෙහි ව ඉබ්‍රාහීම්ට අපි එය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් අපි උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති සියුම් ඥානීය; සර්වඥය.
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِنْ قَبْلُ ۖ وَمِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
තවද අපි ඔහුට (ඉබ්‍රාහීම්ට) ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුටම අපි මඟපෙන්වූයෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද (මඟ පෙන්වූයෙමු). තවද අප දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය.
وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّ مِنَ الصَّالِحِينَ
තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සෑම කෙනෙකුම දැහැමියන් අතරිනි.

Choose other languages: