Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #86 Translated in Sinhalese

الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ
විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. තවද ඔවුහු යහමඟ ලද්දවුන් වෙති.
وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
අපගේ සාධකය එයයි. තම ජනයාට එරෙහි ව ඉබ්‍රාහීම්ට අපි එය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් අපි උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති සියුම් ඥානීය; සර්වඥය.
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِنْ قَبْلُ ۖ وَمِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
තවද අපි ඔහුට (ඉබ්‍රාහීම්ට) ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුටම අපි මඟපෙන්වූයෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද (මඟ පෙන්වූයෙමු). තවද අප දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය.
وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّ مِنَ الصَّالِحِينَ
තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සෑම කෙනෙකුම දැහැමියන් අතරිනි.
وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا ۚ وَكُلًّا فَضَّلْنَا عَلَى الْعَالَمِينَ
තවද ඉස්මාඊල්, අල්යසඃ, යූනුස් හා ලූත්ට ද (මඟ පෙන්වූයෙමු.) තවද සෑම කෙනෙකුම අප ලෝවැසියනට වඩා උසස් කළෙමු.

Choose other languages: