Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #79 Translated in Sinhalese

وَكَذَٰلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්‍රාහීම්ට අප පෙන්වූයේ එලෙසය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතරින් වනු පිණිසය
فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَىٰ كَوْكَبًا ۖ قَالَ هَٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ
රාත්‍රිය ඔහු ව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නොකරමි යැයි ඔහු පැවසීය.
فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ
පසුව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ නොපෙන්වූයේ නම් සැබැවින්ම මම මුළා වූ ජනයා අතරින් වන්නට තිබිණ යැයි පැවසීය.
فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَٰذَا رَبِّي هَٰذَا أَكْبَرُ ۖ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
පසුව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපතිය; මෙය (සියල්ලට වඩා) අති විශාලය යැයි පවසා සිටීය. නමුත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි! නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වෙමි යැයි පැවසීය.
إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا ۖ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ
අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නොවෙමි.

Choose other languages: