Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #80 Translated in Sinhalese

فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَىٰ كَوْكَبًا ۖ قَالَ هَٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ
රාත්‍රිය ඔහු ව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නොකරමි යැයි ඔහු පැවසීය.
فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ
පසුව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ නොපෙන්වූයේ නම් සැබැවින්ම මම මුළා වූ ජනයා අතරින් වන්නට තිබිණ යැයි පැවසීය.
فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَٰذَا رَبِّي هَٰذَا أَكْبَرُ ۖ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
පසුව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපතිය; මෙය (සියල්ලට වඩා) අති විශාලය යැයි පවසා සිටීය. නමුත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි! නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වෙමි යැයි පැවසීය.
إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا ۖ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ
අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නොවෙමි.
وَحَاجَّهُ قَوْمُهُ ۚ قَالَ أَتُحَاجُّونِّي فِي اللَّهِ وَقَدْ هَدَانِ ۚ وَلَا أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلَّا أَنْ يَشَاءَ رَبِّي شَيْئًا ۗ وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ
තවද ඔහුගේ ජනයා ඔහු සමඟ වාද කළේය. සැබැවින්ම මට යහ මඟ පෙන්වා තිබිය දී අල්ලාහ් සම්බන්ධයෙන් නුඹලා මා සමඟ වාද කරන්නෙහුද? යැයි ඔහු විමසීය. නුඹලා කවර දෙයකට ආදේශ කරන්නෙහුද ඒ ගැන මම බිය නොවෙමි. නමුත් මාගේ පරමාධිපති යම් කිසිවක් අභිමත කළේ නම් මිස. (මට කිසිවක් සිදු නොවේ.) මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් පුළුල් විය. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

Choose other languages: