Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #69 Translated in Sinhalese

قُلْ هُوَ الْقَادِرُ عَلَىٰ أَنْ يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِنْ فَوْقِكُمْ أَوْ مِنْ تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُمْ بَأْسَ بَعْضٍ ۗ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ
නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේදැ යි නුඹ අවධානයෙන් යුතු ව බලනු.
وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكِيلٍ
මෙය (අල් කුර්ආනය) සත්‍ය ව තිබියදී නුඹේ සමූහයා එය බොරු කළෝය. තවද “මම නුඹලා මත වූ භාර කරු නොවෙමි” යැයි (නබිවරය! ඔවුනට) නුඹ පවසනු.
لِكُلِّ نَبَإٍ مُسْتَقَرٌّ ۚ وَسَوْفَ تَعْلَمُونَ
සෑම පණිවිඩයකටම නියමිත කාලයක් ඇත. තවද (එය) නුඹලා මතු දැන ගනු ඇත.
وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَىٰ مَعَ الْقَوْمِ الظَّالِمِينَ
අපගේ වදන් සම්බන්ධයෙන් (පුහු තර්කයන්හි) නිරත වන්නන් නුඹ දුටු විට, ඒ හැර වෙනත් කතාවක ඔවුන් නිරත වන තෙක් ඔවුන්ගෙන් නුඹ ඉවත් ව සිටිනු. ෂෙයිතාන් නුඹට අමතක කරවන්නේ නම් මෙනෙහි කිරීමෙන් පසු අපරාධකාර ජනයා සමඟ නුඹ වාඩි නොවනු.
وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَلَٰكِنْ ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ
ඔවුන්ගේ විනිශ්චය ගැන කිසිදු වගකීමක් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට නොමැත. නමුත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතු ව ඇත.

Choose other languages: